brand logo
logo
මෙරටට ගෙන ආ ගල් අගුරු ප්‍රමිතිය ගැන අනාවරණයක්

මෙරටට ගෙන ආ ගල් අගුරු ප්‍රමිතිය ගැන අනාවරණයක්

18 February 2026

මෙරටට ආනයනය කර ගෙන ආ ගල් අගුරු නැව් තුනක අඩංගු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසුදහසකට ආසන්න ප්‍රමාණයක තිබිය යුතු කැලරි අගය නියමිත අගය වන 5900 ත් 6100 ත් අතර අගයට වඩා අඩු බව ලක්විජය ගල් අගුරු බලාගාරයෙන් නිකුත් කර තිබෙන වාර්තාවේ පැහැදිලිව දැක්වෙන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.


ඒ අනුව මෙරටට ගෙන ආ ගල් අගුරු නැව් තුනක්ම නිසි ප්‍රමිතියට නොමැති බව මෙයින් අනාවරණය වී තිබෙන බව එම සංගමයේ ජාතික ලේකම් සංජිව ධම්මික පවසයි.  


විදුලි බිල ඉහළ යන්නේ ජනතාවගේ වැරැද්දක් නිසා නොවන බවත් වර්තමානයේ ගල් අඟුරු ගනුදෙනු සහ විදුලි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ බරපතළ සැකයක් මතුව තිබෙන බවත් ජාතික ලේකම්වරයා පැවසුවේ කොළඹ බෞද්ධ මන්දිරයේදී ඊයේ [ 18 ] පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.


මෙම ගල් අගුරු නැව් තුනෙන් මෙරටට ගෙනා ප්‍රමිතියෙන් අඩු ගල් අගුරු වලින් සිදුවූ පාඩුව වසා ගැනීමට ඒ වෙනුවෙට විශාල දඩ මුදලක් ආණ්ඩුවට ලැබුණු බව පවසමින් ජනතාව මුලාවේ දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන බව ද එහිදී ඔහු කියා සිටියේය.


විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මෙහිදී කියා සිටියේ ගල් අඟුරු වංචාව සඳහා ප්‍රසම්පාදන කාලය වෙනස් කලේ සැපයුම්කරුවන්ට වාසි වන ලෙස කොන්දේසි වෙනස් කිරිමට බවය. 


එමෙන්ම මෙය බැඳුම්කර වංචාවටත් වඩා එහා ගිය වංචාවක් බවත් එයින් සිදුවන පාඩුව විදුලි පාවිච්චි කරන්නන්ට බිලට එකතු නොකිරීමට ආණ්ඩුව කටයුතු නොකල යුතු බවත් එම පාඩුව ආණ්ඩුව විසින් වගකිවයුතු පාර්ශවකරුවන්ගෙන් අය කරගත යුතු බවත් ඔහු මෙහිදී පැවසුවේය.  


වීදි ලාම්පු සඳහා වෙනම බද්දක් අය කිරීමටත්, අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහන වසරකින් පසු ඉවත් කිරීමටත් සූදානමක් පවතින බවත් එමෙන්ම ජාතික විදුලි ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දැක්වීමට දින දෙකක කාලයක් පමණක් ලබා දීමද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට විරුද්ධ බව ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

More News..