ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡාවක්
14 November 2026
ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡාවක්
14 November 2026
මෙරට ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
ඒ, එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා විසින් මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය, ඒවා ක්‍රියාත්මක කිරීම සහ ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධ කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබේ.
එමෙන්ම මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරක සභාව මෙහිදී අවධාරණය කර ඇත.


