කල් ඉකුත් වූ බනිස් අලෙවි කළ ප්‍රසිද්ධ බේකරියකට දඩ
10 September 2026
කල් ඉකුත් වූ බනිස් අලෙවි කළ ප්‍රසිද්ධ බේකරියකට දඩ
10 September 2026
කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කරමින් පාරිභෝගිකයන් නොමඟ යැවූ බේකරි නිෂ්පාදන සමාගමකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක දඩයක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වෙළෙඳසැලේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී, කල් ඉකුත් වීමේ දිනය 2026/04/16 ලෙස සටහන් වූ ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බනිස් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබියදී සොයාගෙන තිබේ. ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව මෙම නඩුව පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.
ඊයේ (09) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ (අංක 05) හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර සමාගම තමන් වෙත එල්ල වූ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදල නියම කරන ලදී.
ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වන දිනය පිළිබඳව අවධානය යොමු කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බලධාරීන්, මෙලෙස කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් පිළිබඳ තොරතුරු වේ නම් කාර්යාලීය වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි.

