රු.මි. 300ක මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
24 September 2026
රු.මි. 300ක මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
24 September 2026
පිළියන්දල, බොකුන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.
අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සිය භාරගෙන ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 300ක් පමණ වන බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

