තොටිල්ලක ගෙල සිරවී දැරියක් මියයයි
15 October 2025 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
තොටිල්ලක ගෙල සිරවී දැරියක් මියයයි
15 October 2025 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
බොගවන්තලාව වතුයායේ නිවසක තොටිල්ලක එල්ලී සිටියදී 13 හැවිරිදි දැරියකගේ ගෙල සිරවී මියගොස් සිටි මළ සිරුරක් සොයාගෙන ඇති බව බොගවන්තලාව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය ඊයේ (14) සවස 5.45 ට පමණ සිදු වී ඇති බව පොලිසිය අනාවරණය කරයි.
දැරියගේ ඥාතීන් ප්‍රකාශ ලබාදෙමින් කියාා සිටියේ දැරියගේ නිවසට පැමිණි ඥාතියෙකුගේ දරුවෙකු සඳහා සකසන ලද තොටිල්ලක සෙල්ලම් කරමින් සිටියදී දැරිය ගිල සිරවී මිය ගොස් සිටි බවයි.
දැරිය තොටිල්ලේ එල්ලී සිටියදී දුටු දැරියගේ සහෝදරයා අසල්වැසියන්ට දැනුම් දුන් අතර, ඔවුන් දැරිය බේරාගෙන ඇයව බොගවන්තලාව දිස්ත්‍රික් රෝහලට ගෙන ගිය බව පැවසුව ද රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ දැරිය රෝහලට ගෙන එන අවස්ථාවේදී මිය ගොස් සිටි බවයි.
මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මියගොස් සිටි දැරිය බොගවන්තලාව ප්‍රදේශයේ පදිංචි මධුමාදන් ජෙන්සියා නම් 13 හැවිරිදි දැරියක් බවයි.
මියගිය දැරිය බොගවන්තලාව දෙමළ විද්‍යාලයේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවට වාර්තා විය.
මේ අතර ඇය තොටිල්ලේ එල්ලී සියදිවි නසා ගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
හැටන් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් පුබුදු චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය හැටන් ක්ලැන්ටන් මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බොගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.