සෑම රෝගයකම මුල ජීර්ණ ගැටලුවක්
07 November 2026 | කුමුදු විජේරත්න
සෑම රෝගයකම මුල ජීර්ණ ගැටලුවක්
07 November 2026 | කුමුදු විජේරත්න
අප වයස්ගත වීමත් සමග වාත දෝෂයේ බලපෑම වැඩිවීම නිසා ජීර්ණ ක්‍රියාවලියේ අක්‍රමිකතා ඇති විය හැකිය. ඒ අනුව ආහාර ජීර්ණය වීමට වැඩි කාලයක් ගතවීම, බඩ පුරවා දැමීම, වාතය එකතු වීම, මලබද්ධය සහ ආහාර රුචිය අඩුවීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය. නමුත් වයසට යාම පමණක් ජීර්ණ බලය දුර්වල වීමට හේතුවක් ලෙස ගත නොහැකිය. දත් හා මුඛ සෞඛ්‍ය ගැටලු, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, නිදන්ගත රෝග සහ භාවිත කරන ඇතැම් ඖෂධ ද ඒ සඳහා බලපායි.
ආයුර්වේදයට අනුව එවැනි ප්‍රධාන හේතු කිහිපයක් හඳුනාගත හැකියි.
මන්ද ජඨරාග්නි ඉන් එකකි. එනම් ආහාර නිසි පරිදි ජීර්ණය නොවීමයි.
එමෙන්ම අවිධිමත් ආහාර රටාවද, නියමිත වේලාවට ආහාර නොගැනීමද ජීර්ණ බලය දුර්වල කරයි.
අතිභෝජනය හෙවත් ශරීරයට දරාගත නොහැකි ප්‍රමාණයට ආහාර ගැනීමද එක් හේතුවකි.
ගුරු ආහාර එනම් අධික තෙල් සහිත බර ආහාර නිතර ගැනීම ජීර්ණය අපහසු කරයි.
ශරීරයේ ජීර්ණ ක්‍රියාවලියට නොගැළපෙන ආකාරයෙන් ශීත ආහාර ගැනීමද නුසුදුසුය.
විරුද්ධ ආහාර එනම් එකිනෙකට නොගැළපෙන ආහාර සංයෝජන භාවිතයද ජීර්ණ බලය දුර්වල කරයි.
කනස්සල්ල, බිය, මානසික ආතතිය සහ නින්ද අඩුවීම වැනි මානසික හේතුද මේ සඳහා බලපායි.
මෙවැනි හේතු නිසා ජඨරාග්නිය අක්‍රමවත් වීමෙන් අජීර්ණය ඇති විය හැකි බව ආයුර්වේදයේ පැහැදිලි කරයි.
ආහාර නිසි පරිදි ජීර්ණය නොවීමකදී, මෙවැනි ලක්ෂණ හඳුනාගත හැකිය.
බඩ පුරවා දැමීම
බඩේ බර ගතිය
වාතය පිටවීම
ඔක්කාරය
ආහාර රුචිය අඩුවීම
ආහාර ගත් පසු අපහසුතා ඇතිවීම
මෙය ඇතැමුන් අම්ල පිත්තය ලෙස පටලවාගනී. අම්ල පිත්තයේදී අම්ල ගතිය හා දැවිල්ල වැනි ලක්ෂණ ප්‍රධාන වන අතර අජීර්ණයේදී ආහාර ජීර්ණය නොවීම හා බඩේ බර ගතිය ප්‍රධාන ලෙසම දැකිය හැකි රෝග ලක්ෂණ වේ .විශේෂයෙන්ම ආහාරයට නොගැළපෙන සංයෝජන නිතර භාවිත කිරීම. අධික ශීත හා අධික උණුසුම් ආහාර ගැනීම මෙන්ම ආහාර එකවර විශාල ප්‍රමාණයක් ගැනීම වැනි දෑ තුළින් අග්නි විකෘති වී ආම නිර්මාණය විය හැකිය.
මෙවැනි අජීර්ණ තත්ත්ව
සඳහා ආයුර්වේදයේ විශේෂ ඖෂධ මෙන්ම ප්‍රතිකර්ම භාවිත කරයි.
බඩ පුරවා දැමීම සහ වාතය නිසා ඇතිවන අපහසුතා සඳහා සාම්ප්‍රදායිකව භාවිත කරන පානයක් ලෙස මහදුරු පානය ඉතා ගුණදායකය. මීට අමතරව ත්‍රිකටු චූර්ණය වැනි ආයුර්වේද ඖෂධ ද රෝග තත්ත්වය අනුව වෛද්‍ය උපදෙස් මත භාවිත කළ හැකිය.
අම්ල පිත්ත හෝ ආමාශයේ දැවිල්ල ඇති අයට ඉඟුරු සහ සැර ද්‍රව්‍ය ඇතැම්විට අපහසුතා වැඩි කළ හැකි බව සැලකිය යුතුය. එබැවින් සෑම ඖෂධයක්ම සෑම රෝගියකුටම සුදුසු නොවන බැවින් වෛද්‍ය උපදෙස් මත ගැනීම වැදගත් වේ.
ඖෂධ ප්‍රතිකාර ගැනීමට වඩා තමන්ගේ ආහාර පැවතුම් පිළිබඳ සැලකිලිමත් වීම තුළින් මේ තත්ත්වය පාලනය කර ගත හැකිය.
හොඳින් පිසූ, පහසුවෙන් ජීර්ණය වන ආහාර තෝරාගැනීම.
ආහාර හොඳින් හපමින් සෙමින් ආහාර ගැනීම.
අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකීම.
අධික තෙල්, මිරිස් සහ කුළුබඩු සහිත ආහාර සීමා කිරීම.
ආහාර ගන්නා අතරතුර අධික ලෙස ජලය පානය නොකර පිපාසයට අනුව ජලය පානය කිරීම.
ආහාර ගත් වහාම නිදාගැනීමෙන් වැළකීම.
රාත්‍රියට පහසුවෙන් ජීර්ණය වන සැහැල්ලු ආහාර ගැනීම.
ආයුර්වේදයේ සඳහන් වන ආහාර විධි පිළිවෙත් අතර උෂ්ණ ආහාර අධිකව නොගැනීම, නිසි ප්‍රමාණයට ආහාර ගැනීම සහ පූර්ව ආහාරය ජීර්ණය වූ පසු නැවත ආහාර ගැනීම විශේෂයෙන් වැදගත් වේ.
එනසාල්, කුරුඳු සහ ගම්මිරිස් ආහාරවල රසය හා සුවඳ වැඩි කිරීමට මෙන්ම සාම්ප්‍රදායික ජීර්ණ සහායක ද්‍රව්‍ය ලෙස භාවිත කරයි.
ආයුර්වේදයේ මෙවැනි රෝග සඳහා පංචකර්ම ප්රතිකාරද පවතී. ආයුර්වේදයේ පංචකර්ම අතර විශේෂ ස්ථානයක් හිමි ප්‍රතිකාර ක්‍රමයක් ලෙස වස්ති කර්ම හඳුනාගත හැකිය. විශේෂයෙන් වාත දෝෂ සම්බන්ධ තත්ත්ව සඳහා එය යොදාගනී.
එමෙන්ම සුදුසු රෝගීන්ට වෛද්‍ය අධීක්ෂණය යටතේ විරේචන කර්ම ප්රතිකාරද කරයි. නමුත් සෑම අජීර්ණ රෝගියකුටම පංචකර්ම කිරීම අවශ්‍ය නොවේ. එය වෛද්‍ය නිර්දේශ මත විය යුතුය.
වැඩිහිටියන්ගේ ජීර්ණ සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ශාරීරික සෞඛ්‍යය පමණක් නොව මානසික සුවතාවය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.
භාවනා කිරීම, සැහැල්ලු ඇවිදීම, ප්‍රමාණවත් නින්ද සහ පවුලේ සාමාජිකයන් සමග සතුටින් කාලය ගත කිරීම වැදගත් වෙයි.
පහසුවෙන් හපන්නට සහ ජීර්ණය කරගැනීමට හැකි ආහාර දීම.
ප්‍රමාණවත් පිරිසුදු ජලය පානය කරන බව තහවුරු කිරීම.
දිනපතා මලපහ පිටවන ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීම.
අධික තෙල්, මිරිස් සහිත ආහාර සීමා කිරීම.
ආහාර ගැනීමෙන් පසු සුදුසු පරිදි සැහැල්ලු ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමට දිරිගැන්වීම.
භාවිත කරන ඖෂධ නිසා ජීර්ණ අපහසුතා ඇතිවන්නේද යන්න වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම.
මානසික සුවතාවය සහ ප්‍රමාණවත් නින්ද පිළිබඳ සැලකිලිමත් වීම.
නිතර ඇතිවන අජීර්ණ තත්ත්වයන් නොසලකා නොහැර වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය.
ටී.එම්. නුවන්තිකා හර්ෂණී
ආයුර්වේද වෛද්‍ය (සර්වාංග

