brand logo
logo
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් තම ගිණුමට දාගත් නිලධාරිනිය රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් තම ගිණුමට දාගත් නිලධාරිනිය රක්ෂිත බන්ධනාගාර ගත කරයි

23 October 2026 | සිඩ්නි රුවන් උබේපාල-කහටගස්දිගිලිය


දිළිදු ජනයා නගා සිටුවීමේ අරමුණින් රජයෙන් ලබා දෙන අස් වැසුමේ අධාර මුදල් සොරාගත් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණිය නොවැම්බර් 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා(21)නියෝග කළ බව කැබිතිගොල්ලෑව පොලිසිය සඳහන් කළේය.


මෙම නිලධාරිණිය මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස් වැසුම විෂය භාර නිලධාරි ලෙස කටයුතු කරමින් සිටින අතර තුළදී ප්‍රථිලාභීන්ට(මියගිය සහ වයෝවෘද්ධ පිරිස්) ලැබීමට තිබූ රජයේ මුදල් සිය හිතවතුන්ගේ සහ තමාගේ ගිණුම් වලට බැර කරගෙන ඇත.


ඒ අනුව රුපියල් විසිතුන් ලක්ෂ පනස්දහස් පන්සියයක් පමණයි මුදලක් මෙම සැකකාරිණිය වංචාකර ඇති බවට තහවුරකරගෙන ඇත.


මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිගණක තාක්ෂණික අංශය විසින් මෙම සොරකම පිළිබඳ මුලින්ම සොයාගන ඇත.


අනතුරුව ලබාගත් සියලු තොරතුරු, සහ සාක්ෂි සහිතව ඒ පිළිබඳ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න 2025 වර්ෂයේ දෙසැම්බර් මස මැදවච්චිය පොලිස් ස්ථානයේත්,2026 ජනවාරි මස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට ගොස් ඒ පිළිබඳ විගණන වාර්තාවන් සහිතව පැමිණිලි කර ඇත. 


අනතුරුව දීර්ඝ කාලයක් ගතවීමෙන් පසු විගණන වාර්තාවන් මත ලැබුණු තොරතුරු අනුව සැක රිණිය 2026.10.20 වැනිදා සවස කැබිතිගොල්ලෑව විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් අත් අඩංගුවට ගෙන 2026.10.21 වැනි දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට බී.17426 අංක යටතේ සැකකාරිණිය ඉදිරිපත් කළ බව කැබිතිගොල්ලෑව විශේෂ අපරාධ විමර්ශණ ඒකකය සඳහන් කළේය.


අනතුරුව සැක කාරිණිය ලබන මස හතර වැනිදා දක්වා අනුරාධපුර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

More News..