brand logo
logo
අවුරුදු කාලේ  කඩවලට පනින්න  PHIලා 2000ක්

අවුරුදු කාලේ කඩවලට පනින්න PHIලා 2000ක්

07 April 2026 | •සුනිල් රූපසිංහ - පල්ලේපොළ

උත්සව සමයේදී වියළි, නිමි සහ පිසූ ආහාර සපයන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සෞඛ්‍යරාක්ෂිත තත්ත්වය පිළිබඳව විමර්ශනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසක් යොදවා සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස කියයි.


ඒ අනුව ආහාර නිෂ්පාදන අයතන, බෙදාහරින වාහන, වෙළෙඳසල්, ආපනශාලා, හෝටල්, ජංගම සතිපොළ, ස්ථිර සතිපොළ, මගී ප්‍රවාහන බස් රථ තේ, දිවා සහ රාත්‍රි ආහාර ගැනීමට නැවතුම් හෝටල්, ආපනශාලා ඇතුළු වියළි ආහාර, පිසූ ආහාර සපයන සියලුම ස්ථාන පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත.


සෞඛ්‍යාරක්ෂිතව අවුරුදු උත්සව සංවිධානය පිළිබඳව සංවිධායකවරුන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත. සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් සංවිධානය කෙරෙන අවුරුදු උත්සව තහනම් කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා පැවසීය.

 

More News..