brand logo
logo
ඇසළ පෙරහැර බැතිමතුන් උදෙසා මහනුවරදී සංවිධානය කළ බත් දන්සල

ඇසළ පෙරහැර බැතිමතුන් උදෙසා මහනුවරදී සංවිධානය කළ බත් දන්සල

25 August 2026


මහනුවර ඇසළ පෙරහරට සමගාමිව මහනුවර පැමිනෙණ බැතිමතුන් සඳහා බත් දන්සල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා ප්‍රධානත්වයෙන් අද (25) දින විවෘත විය.


මෙම බත් දන්සල මහනුවර ප්‍රතිභා කලා හා සංස්කෘතික පදනම විසින් දෙවන වරට සංවිධානය කොට තිබිණ.


මෙම අවස්ථාවට මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක මහතා, නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

 

More News..