ඉතාලි නියෝජ්‍ය අමාත්‍යවරියක් ශ්‍රී ලංකාවට
02 September 2025
ඉතාලි නියෝජ්‍ය අමාත්‍යවරියක් ශ්‍රී ලංකාවට
02 September 2025
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මිය හෙට (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය අද (02) ප්‍රකාශ කළේ මරියා ට්‍රිපොඩි මහත්මිය හෙට (03) සිට 05 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බවයි.
වසර 10 කට පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉතාලි රජයේ ඉහළම නිලධාරිනිය ඇය බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි මහත්මිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා-ඉතාලි දේශපාලන උපදේශන කමිටුවේ සමාරම්භක සැසියේ සම-සභාපතිත්වය දරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
එසේම, ට්‍රිපොඩි මහත්මිය ඇයගේ සංචාරය අතරතුරදී දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිත බවත් එය දෙරට අතර සංවාදයක් ගොඩනගා ගැනීම සඳහා ව්‍යුහගත රාමුවක් සපයනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
සංචාරයේදී ට්‍රිපොඩි මහත්මිය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් මුණ ගැසීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.