brand logo
logo
මහවැලි ගඟ ආශ්‍රිත තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අනතුරු ඇඟවීම්

මහවැලි ගඟ ආශ්‍රිත තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අනතුරු ඇඟවීම්

20 September 2026


මහවැලි ගඟ ආශ්‍රිතව ඇති තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ඒ අනුව ගඟ ඉහළ කෝරළය, උඩපලාත, දොළුව, උඩනුවර, යටිනුවර, ගඟවටකෝරලය, හාරිස්පත්තුව, පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වක් ඇතිවිය හැකි බවට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.


ඒ අනුව මේ පිළිබඳව අවධානය යොමු කරමින් එම ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ ආශ්‍රිත මාර්ග භාවිත කරන රියදුරන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

More News..