Best News Website award
brand logo
logo
තුර්කියේ හමුදා හෙලිකොප්ටර් අනතුරකින් 5ක් ජීවිතක්ෂයට

තුර්කියේ හමුදා හෙලිකොප්ටර් අනතුරකින් 5ක් ජීවිතක්ෂයට

25 November 2026


මධ්‍යම තුර්කියේ එස්කිෂෙහිර් ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින්, එහි ගමන් ගත් හමුදා සාමාජිකයන් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙම අනතුරට ලක්ව ඇත්තේ තුර්කි ගුවන් හමුදාවට අයත් AS-532 මාදිලියේ හෙලිකොප්ටර් යානයකි.


පුහුණු පියාසැරියක් වෙනුවෙන් ගුවන්ගත වීමෙන් පසුව මෙම යානය අනතුරට පත්ව ඇති බව සඳහන් වේ.


බිමට කඩා වැටීමත් සමඟ හෙලිකොප්ටරය ගිනිගෙන විනාශ වී ඇති අතර, අනතුරට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් හෙළි වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

More News..