ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට නව අධ්‍යක්ෂවරියක්
09 February 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට නව අධ්‍යක්ෂවරියක්
09 February 2026
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය පත් කර තිබේ.
ඇය අද (09) කොළඹදී සිය ධුරයේ වැඩ භාර ගෙන තිබුණි.
කව්ලින් මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව සමඟ වසර 13 ක් ඇතුළුව වසර 26 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති නිලධාරිනියක් බව සඳහන් වේ.
බලශක්ති, දේශගුණික, පරිසර, වායු ගුණාත්මකභාවය, මහජන සෞඛ්‍ය සහ ආහාර-ජල ක්ෂේත්‍ර හරහා ආයෝජන ව්‍යාපෘති මෙහෙයුම්, ප්‍රතිපත්තිමය කටයුතු පිළිබඳ ඇය විශේෂඥතාවය දක්වයි.
2023 සිට ආසියානු සංවර්ධන බැංකුවේ මොන්ගෝලියා නේවාසික මෙහෙයුමේ දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ද සේවය කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව හා සම්බන්ධ වීමට පෙර, ඇය අමෙරිකාවේ ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරයේ කළමනාකාරිනියක් වූ අතර, එහිදී ඇය අමෙරිකා එක්සත් ජනපදය-ඉන්දියාව සහ දකුණු ආසියානු කලාපීය බලශක්ති සහයෝගීතා ප්‍රයත්නයන් මෙහෙයා ඇත.

