ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
31 July 2026
ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
31 July 2026
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ එය පසුගිය ජුනි මාසයේ තිබූ 6.8%ක අගයේ සිට 7.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම ආහාර උද්ධමනයද පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති අතර එය 3.6% සිට 6.3% දක්වා ඉහළ ගොස් තිබේ.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ දී යම් පහළ බැස්මක් වාර්තා කර ඇති අතර, ඒ අනුව ජුනි මාසයේ තිබූ 8.4%ක අගයේ සිට 7.8%ක්වා අඩු වී තිබීම ද විශේෂත්වයකි.

