Best News Website award
brand logo
logo
බදුල්ලේ දී රියඅනතුරින් මියගිය KDU සිසුන් වෙනුවෙන් වන්දි ලබාදීමේ හැකියාව විමසන ලෙසට නීතිපතිට නියෝග

බදුල්ලේ දී රියඅනතුරින් මියගිය KDU සිසුන් වෙනුවෙන් වන්දි ලබාදීමේ හැකියාව විමසන ලෙසට නීතිපතිට නියෝග

11 November 2026

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටියදී සිදුවූ මාරක රිය අනතුරකින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාලය මඟින් යම් වන්දි මුදලක් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.


අනතුරින් මියගිය සිසුවෙකුගේ පියෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.


මෙම අනතුරට මුහුණපෑ සිසුන්ගේ ආරක්ෂාව සහ වගකීම සම්බන්ධයෙන් මෙන්ම, අදාළ සිද්ධිය පිළිබඳව පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.


නඩුව යළි කැඳවන අවස්ථාවේදී වන්දි ගෙවීමේ හැකියාව සහ එහි ප්‍රගතිය පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට දන්වා ඇත.

 

More News..