brand logo
logo
තරුණයන් මත් කරන ෆේස්බුක් සාද පස්සෙන් බුද්ධි අංශ පන්නයි

තරුණයන් මත් කරන ෆේස්බුක් සාද පස්සෙන් බුද්ධි අංශ පන්නයි

12 September 2026 | නිර්මාණි තිලකසිරි

ෆේස්බුක් ඔස්සේ සංවිධානය කරන සාද සහ ඒවා පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් පොලිස්පතිවරයා විසින් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පවසයි.


ෆේස්බුක් සාද මුවාවෙන් තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව පොලිසියේ අවධානය යොමුව ඇත. මෙම වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙස තෙල්දෙණිය පොලිස් වසමේ පැවැති ෆේස්බුක් සාදයකට සහභාගි වූ තරුණ තරුණියන් 41 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පැවසූ බවත් ඉදිරියේදී ද මෙවැනි ස්ථාන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අඛණ්ඩව ලබාගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය. මෙවැනි සාද ඇතැම් අවස්ථාවල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් විසින් සංවිධානය කරන බවත්, ඒවා ජාලගත අපරාධ හා මුදල් ඉලක්ක කරගත් ව්‍යාපාර බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

More News..