''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් ලිපියක්
06 October 2026
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් ලිපියක්
06 October 2026
ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාපික වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා නොමැති අතර ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, උන්වහන්සේට සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස ලෙසය.
අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව හෝ අධිකරණයේ උත්තරීතරභාවය පිළිබඳව කිසිදු විරෝධයක් නොදක්වන නමුත්, බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව සිය අවධානය යොමුව ඇති බවද මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටී.
භික්ෂුවකට සිවුර පෙරවීම හෝ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ අදාළ භික්ෂුවට සහ උන්වහන්සේ අයත් මහා සංඝ සභාවට පමණක් වන බවද මෙම ලිපිය හරහා උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එය අප රටේ දැනට තහවුරු වී ඇති ක්‍රම වේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන්ම සිදුවිය යුතු ශාසනික කාර්යයක් බවද මෙහිදී උන්වහන්සේ අවධාරණය කර සිටී.
එමෙන්ම ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවකම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබාදීම මෙතෙක් ශාසනිකව හා අධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍රදායික නීතියක් බවත් එය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයක් බවත් සඳහන්.

