brand logo
logo
ෆේස්බුක් සහ වට්ස්ඇප් ඔස්සේ ලිංගික අතවර කළ සැකකරු සෙවීමට පොලිස් සහාය ඉල්ලයි

ෆේස්බුක් සහ වට්ස්ඇප් ඔස්සේ ලිංගික අතවර කළ සැකකරු සෙවීමට පොලිස් සහාය ඉල්ලයි

05 November 2026


ෆේස්බුක් සහ වට්ස්ඇප් ඔස්සේ ලිංගික අතවර කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.


මෙම සැකකරු දැනට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින අතර, ඔහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


සැකකරුගේ විස්තර

නම: අහමදු ලෙබ්බේ මුහම්දු අස්ලම්

වයස: අවුරුදු 47

ජාතික හැඳුනුම්පත් අංකය: 197933200159

ලිපිනය: අංක 478/ඒ1, අලීම් පාර, සයින්දමරුදු 16

තොරතුරු දැනුම් දිය යුතු දුරකථන අංක:

ස්ථානාධිපති (සමන්තුරය පොලිසිය): 071-8591162

සමන්තුරය පොලිස් ස්ථානය: 067-2260222

 

More News..