ඉන්දුනීසියාවේ තවත් භූම්පනයක්
17 August 2026
ඉන්දුනීසියාවේ තවත් භූම්පනයක්
17 August 2026
ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පන මාලාවෙන් පසු අද (17) දිනයේදී යළිත් භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබේ.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ එරට ෆ්ලොරෙස් ප්‍රදේශයට අද අලුයම රික්ටර් මාපකයේ 5.9ක අගයකින් යුත් භූ කම්පයක් හට ගෙන ඇති බවය.
ඉන්දුනීසියාවට පසුගිය 15 වැනිදා රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පයක් සිදුවූ අතර එම භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද සිදුවිය.
ඉන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කිරීමටද පියවර ගෙන තිබූ අතර ආපදාවට ලක්වූ පුද්ගලයින් සඳහා ඉදි කෙරුණු ආරක්ෂිත මධ්‍යස්ථානවල පුද්ගලයින් 9,200කට අධික පිරිසක් නවාතැන් ගෙන තිබුණි.
භූකම්පන තත්ත්වයෙන් පසු එරට සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව සීමා පැනවීමට පියවර ගෙන තිබූ අතර ඉන්දුනීසියානු වරාය අධිකාරිය විසින් සමුද්‍ර ප්‍රවාහන සේවා අත්හිටුවීමටද පියවර ගෙන තිබුණි.
මේ අතර භූ කම්පනයෙන් එම ප්‍රාන්ත ආශ්‍රිතව විදුලිය විසන්දිවීමක්ද සිදුවූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.

