මාතර - වැල්ලමඩම ප්‍රදේශයේ මාරක අනතුරක්
19 July 2026
මාතර - වැල්ලමඩම ප්‍රදේශයේ මාරක අනතුරක්
19 July 2026
මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ අද (19) සවස සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අප කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, ලොරි රථයක්, ඩිෆෙන්ඩර් රථයක් සහ කාර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
එමෙන්ම මෙම අනතුරින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වාර්තා වේ.
මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

