brand logo
logo
මොරටුව මුරවත්තට නාදුනන මළ සිරුරක් ගොඩගහලා

මොරටුව මුරවත්තට නාදුනන මළ සිරුරක් ගොඩගහලා

26 October 2026 | දර්ශාන් කානිල්-මොරටුව


මොරටුව ක්ලෝවිස් මාවත මුරවත්තේ ප්‍රදේශයෙ වෙරළ තීරයට නන්නාඳුනන සිරුරක් අද (26) උදැසන ගොඩ ගසා ඇතැයි මොරටුව පොලිසිය සදහන් කළේය.


වයස අවුරුදු 25-30 අතර තරුණයෙකු බව සැකකරන අතර ලානිල් වර්ණ ඩෙනිම් කලිසමක් හා සුදු වර්ණ ටී ෂර්ට් එකකින් සැරසි සිට ඇත.


හදිසි මරණ පරීක්‍ෂක කවිඳු පීරිස් පැමිණ ස්ථානය පරීක්ෂාවක් සිදු කර ඇති අතර දේහය මියගිය අයගේ භාරකරුවකු සොයා ගන්නාතුරු කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙසත් නියෝග කර ඇත.

 

More News..