ඇමැති දෙපළගේ නම් වලින් සම්මාදම් කළැයි හිමිනම අත්අඩංගුවට
18 February 2026 | නයෝමි කරුණාසිංහ
ඇමැති දෙපළගේ නම් වලින් සම්මාදම් කළැයි හිමිනම අත්අඩංගුවට
18 February 2026 | නයෝමි කරුණාසිංහ
බලශක්ති අැමැති කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අැමැති අනුර කරුණාතිලකගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් සකසා කූට ලෙස මුදල් එකතු කළැයි භික්ෂූන් වහන්සේ නමක මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (17 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුරුතලාව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන 21 හැවිරිදි හිමිනමක බව පොලිසිය සඳහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට බව පවසමින් කූට ලෙස සැකසූ ලිපි කිහිපයක් ද උන්වහන්සේ සතුව තිබී විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.
එම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යෙදූ ඒවා බවද විමර්ශන නිලධාරීහු සඳහන් කරති.
අදාළ ලිපි පෞද්ගලික ආයතන වෙත යොමුකරමින් සැකකාර භික්ෂුව මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවද පොලිසිය කියා සිටියි.
සැකකාර හිමිනම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

