brand logo
logo
 කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

19 September 2026


බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.


අද (19) ප.ව. 05.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලය සඳහා වලංගු වේ.  


බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ වැඩි ඉඩකඩක් පවතින අතර එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, සැප්තැම්බර් 21 වනදා වන විට නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.  


මේ හේතුවෙන් ඉදිරි දිනවලදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යා හැකි අතර සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-65 දක්වා වැඩි විය හැකිය.


එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වීමට ඉඩ ඇති බවද සඳහන් වේ.  


එබැවින්, මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.  


 

More News..