Best News Website award
brand logo
logo
බලශක්ති ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ තරගකාරීත්වය තුළින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා

බලශක්ති ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ තරගකාරීත්වය තුළින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා

14 November 2026

බලශක්ති ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගික සුභසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, “තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය” පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි.


ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගීතාවෙන් ඊයේ (13) මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.


ප්‍රතිසංස්කරණයට ලක්වන බලශක්ති සහ විදුලිබල ක්ෂේත්‍ර තුළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සාධාරණ තරගකාරී පරිසරයක් සහ නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අපේක්ෂාව වී ඇත.


ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව නිර්මාණය වී ඇති නව වටපිටාව තුළ මෙවැනි සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම කාලෝචිත සහ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.


විනිවිදභාවයෙන් යුත් සහ සාධාරණ තරගකාරීත්ව රාමුවක් තුළින් බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, පාරිභෝගිකයින්ට දැරීමට සිදුවන විදුලි සහ බලශක්ති පිරිවැය අවම කිරීම සහ බලශක්ති ක්ෂේත්‍රය තුළ පෞද්ගලික අංශයේ සහභාගිත්වය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඒ සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් එකම වේදිකාවකට එක් කරමින්, බලශක්ති ක්ෂේත්‍රයේ තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි.

 

 

More News..