brand logo
logo
කුවේටය ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකුව පිටුවහල් කරයි

කුවේටය ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකුව පිටුවහල් කරයි

03 June 2026


කුවේටය එරට සිටින ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකු රටින් පිටුවහල් කිරීමට සහ කුවේටයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සීමා කිරීමට පියවර ගෙන තිබේ.


එමෙන්ම "කිසිදු රටකට" ප්‍රහාර එල්ල කිරීම සඳහා තමන්ගේ භූමිය හෝ ගුවන් සීමාව භාවිත කිරීමට ඉඩ දී නොමැති බව කුවේටය යළිත් අවධාරණය කර ඇත.


කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය හමාඩ් සුලෙයිමාන් අල්-මෂාන් මහතා විසින් කුවේටයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ ප්‍රධානී හමීඩ් යකුබි ෆාර් වෙත මෙම ප්‍රහාර සම්බන්ධයෙන් නිල විරෝධතා පත්‍රයක් භාර දුන් බවය.


එමෙන්ම, ඉරාන රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු 'පිළිගත නොහැකි පුද්ගලයින්' (persona non grata) ලෙස ප්‍රකාශයට පත් කිරීමට කුවේට් රජය පියවර ගෙන ඇති අතර, පැය 24ක් ඇතුළත ඔවුන්ට රටින් පිටවන ලෙස නියෝග කර තිබේ.


දිගින් දිගටම එල්ල වන බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බව වැඩිදුටත් සඳහන් වේ.

 

 

More News..