ඉතාලි හෙලිකොප්ටරයක් බොස්නියාවේදී කඩාවැටෙයි
30 October 2026
ඉතාලි හෙලිකොප්ටරයක් බොස්නියාවේදී කඩාවැටෙයි
30 October 2026
බොස්නියා සහ හර්සගොවිනා රාජ්යයේ ස්ථාපිත යුරෝපා සංගම් සාමසාධක බලකායට අයත් ඉතාලි හමුදා හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) අනතුරට ලක්ව තිබේ.
මෙම අනතුරින් යානයේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉතාලි ආරක්ෂක අමාත්යාංශය තහවුරු කරයි. මියගිය පිරිස අතර ඉතාලි හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ ඉතාලි රතු කුරුස සංවිධානයේ ස්වේච්ඡා හමුදා බලකායේ සාමාජිකයින් දෙදෙනෙකු සිටින බව අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ පුද්ගලයින් 15 දෙනෙකු සිට ඇති අතර, තුවාල ලැබූ 11 දෙනාම මේ වන විට වෛද්ය ප්රතිකාර ලබමින් සිටිති. ඔවුන්ගෙන් කිසිවෙකුගේත් තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
විදෙස් මාධ්ය වාර්තා පවසන්නේ මෙම අනතුර සිදුව ඇත්තේ බ්රච්කෝ දිස්ත්රික්කයේ ගොරිචේ ගම්මානයේදී බවයි.
ඩේටන් සාම ගිවිසුම ක්රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා යුරෝපා සංගම් බලකාය මගින් දියත් කර ඇති 'අල්තියා මෙහෙයුම' (Operation Althea) සඳහා මෙම හෙලිකොප්ටර් යානය යොදවා තිබුණි.

