සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ
18 July 2025 | නිර්මාණි තිලකසිරි
සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ
18 July 2025 | නිර්මාණි තිලකසිරි
බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පත්ව ඇති සිදුහත් කුමරු උපන් ස්ථානය ලෙස සැලකෙන ‘ලුම්බිණිය’ අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධීක්ෂණ මෙහෙයුමක් පවත්වා එම වාර්තාව මත පදනම්ව තීරණයක් ගැනීමට යුනෙස්කෝ ලෝක උරුම කමිටුවේ 47 වන සැසිවාරයේදී තීරණය කර ඇත. මායාදේවි දේවාලයේ කාන්දුවීම් ගැටලු ඇතුළු විවිධ හේතු මත ලුම්බිණිය අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට පසුගිය වසරේ කමිටු රැස්වීමේදී තීරණය කර තිබිණි.
නමුත් ඉන්දියාව ඇතුළු සාමාජික රටවල් විසි එකෙන් බහුතරයක් එය අනුමත නොකිරීම හේතුවෙන් එය නිසි ලෙස රැකබලා ගැනීමට සහ ආරක්ෂා කිරීමට වැඩි කාලයක් ලබා දෙන ලදී. ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී සංරක්ෂණය සඳහා සිදුකළ කාර්යය සඳහන් කරමින් සංරක්ෂණ තත්ත්වය පිළිබඳ වාර්තාවක් යැවීම හේතුවෙන් මේ වසරේදී අදාළ කමිටුව එය 'අවදානමට ලක්ව ඇති උරුමයන්' ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳ අවධානය යොමුකර නොමැති බව වාර්තා වේ.