brand logo
logo
කෙහෙල්බද්දර පද්මේ නිළියන් 7ක් සමග හාදකම් පවත්වලා

කෙහෙල්බද්දර පද්මේ නිළියන් 7ක් සමග හාදකම් පවත්වලා

26 August 2026 | •ඉෂාර රත්නකාර

සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා නිළියන් සහ නිරූපිකාවන් 07 දෙනකු, දේශපාලනඥයන් 09 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනකු සමග සබඳතා පවත්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (25 වැනිදා) දන්වා සිටියේය.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලද සැකකාර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු වි‍ශේෂ ආරක්ෂාවක් යටතේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත ඉදිරිපත් කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේකර එම කරුණු අනාවරණය කළේය.


සැකකරු විසින් සබඳතා පවත්වා ඇතැයි අනාවරණය වූ නිළියන් සහ නිරූපිකාවන්, දේශපාලනඥයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව දන්වා සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකරු සබඳතා පවත්වාගෙන ගොස් ඇතැයි කියන බන්ධනාගාර නිලධාරීන් 13 දෙනා පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇතැයි ද දන්වා සිටියේය.



 

More News..