දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
03 August 2026
දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
03 August 2026
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය ඊයේ (02) රාත්‍රී 11:00ට නිකුත් කර ඇති අතර එය අද (03) රාත්‍රී 11:00 දක්වා වලංගු වේ.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම ඒ අවට ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු ඒ අවට ප්‍රදේශ සඳහා ද අදියර 2 යටතේ විමසිලිමත්ව සිටින ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, තලවකැලේ, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා ද අදියර 1 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

