brand logo
logo
චාමරගේ තවත් නඩුවක් කැඳවීමට දින දෙයි

චාමරගේ තවත් නඩුවක් කැඳවීමට දින දෙයි

03 November 2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 09 වනදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.


ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 173කට අධික මුදලක් හදිසියේ ඉවත් කර ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.


නඩුවට අදාළව චාමර සම්පත් දසනායක මහතා මීට පෙර අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබුණි.

 

More News..