brand logo
logo
2026 ලෝක සංචාරක දින සැමරුම් උත්සවය නල්ලතන්නිය මෝහිණි ඇල්ල අසළදී

2026 ලෝක සංචාරක දින සැමරුම් උත්සවය නල්ලතන්නිය මෝහිණි ඇල්ල අසළදී

27 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්


2026 ලෝක සංචාරක දින සැමරුම් උත්සවය නල්ලතන්නිය මෝහිණි ඇල්ල අසළ පැවැත්වීමට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


සංචාරක අවධානයක් යොමු වී ඇති නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවුස්සාකැලේ ජලාශය, මරේ දිය ඇළි ආදි ප්‍රධාන දියඇළි පාදක කර ගනිමින් පූජනීය ශ්‍රී පාදස්ථානයද මුල් කර ගනිමින් ද සංචාරක සංවර්ධන සහ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමටයි මධ්‍යම පළාත් සංචාරක මණ්ඩලය සැළසුම් කර ඇත.


මෙයට සමගාමීව මෝහිණි ඇල්ලේ, ගාඩ්මෝර් දිය ඇල්ල සහ මරේ දිය ඇල්ලේ ජල සහ ත්‍රාසජනක සංචාරක ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමටද මධ්‍යම පළාත් සංචාරක මණ්ඩලය කටයුතු කර තිබේ.


මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව නල්ලතන්නියේ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සමග එක්ව (29,30) යන දෙදින තුල සංචාරක දින සැමරුම් උත්සව පැවැත්වීමට සැළසුම්කර ඇත.


ඒ පිලිබදව සොයා බැලීමට මධ්‍යම පළාත් සංචාරක මණ්ඩලයේ නිළධාරින් අද (27) දින මෝහිණි ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නියැලින.


නල්ලතන්නි නගරය කේන්ද්‍ර කර ගනිමින් 2026 සංචාරක දින සැමරුම් උත්සවය නල්ලතන්නියේ පැවැත්වීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ජරයට සිය ස්තූතිය පල කරන බවයි නල්ලත්න්නිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්. සාන්ත කුමාර කියා සිටියේ.


 

More News..