brand logo
logo
නාවික හමුදාධිපතිවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

නාවික හමුදාධිපතිවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

16 July 2026


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.


නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව අභිනව නාවික හමුදාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර සිදු වූ පළමු හමුව මෙය වේ. 


ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම ජාතික අභිවෘද්ධිය සඳහා වන සහයෝගීතාව පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණි.

 

More News..