brand logo
logo
කොළඹ වරායේ ඉඩම් බදුදීම ඇතුළු කරුණු ගැන පූර්ණ වාර්තාවක් ඉල්ලයි

කොළඹ වරායේ ඉඩම් බදුදීම ඇතුළු කරුණු ගැන පූර්ණ වාර්තාවක් ඉල්ලයි

21 October 2026

2023 වසරේ සිදුවූ කොළඹ වරායේ තෙල් බංකරින් පහසුකම් සඳහා ඉඩම් බදුදීම සහ ඊට අදාළ කරුණු පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට සහ වරාය අධිකාරිය උපදෙස් ලබා දී ඇත‍.


වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වරාය අධිකාරියේ සභාපතිවරයාට අදාල දැනුම්දීම සිදුකර තිබේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදීම සිදුවිය.


කොළඹ වරායේ භාවිතයට නොගත් ඉඩම් බදුදීම, තෙල් බංකරින් මෙහෙයුම් සඳහා ඉඩම් වෙන් කිරීම සහ ඒ ආශ්‍රිත නීතිමය සමථකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය හා වෙළෙඳපොළ තරගකාරීත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.


 

More News..