brand logo
logo
බස්නාහිර ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වෙයි

බස්නාහිර ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වෙයි

10 July 2026


බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


වසරේ මේ වන විට වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064කි.


මේ අතර, අද (10) දින වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබේ.


මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,556ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,699ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,425ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. 

 

More News..