Best News Website award
brand logo
logo
ඉන්දුනීසියාවේ ගින්නකින් 3ක් මරුට- 36ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ ගින්නකින් 3ක් මරුට- 36ක් අතුරුදන්

22 November 2026


ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් එහි සේවකයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු අතුරුදන්ව තිබේ.


අද(22) කර්මාන්ත ශාලාවේ ගොඩනැගිල්ලක් තුල හටගත් මෙම ගින්නෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර 15 දෙනෙකු මුදා ගැනීමට සහන සේවකයින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ගින්නෙන් එම ගොඩනැගිල්ලට ද දැඩි හානි සිදුව ඇති අතර අතුරුදන් වු සේවකයින් ඒ තුල සිරව ඇති බවට බලධාරීන් සැක පළ කරනු ලබයි.


ඒ අනුව ඔවුන් මුදා ගැනීම සඳහා සහන සේවකයින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

 

 

More News..