මිස් ග්‍රෑන්ඩ් ලෝක රූ රැජින තරගාවලිය ජයගත් නෙතකි ලොකුගමගේ දිවයිනට
12 October 2026
මිස් ග්‍රෑන්ඩ් ලෝක රූ රැජින තරගාවලිය ජයගත් නෙතකි ලොකුගමගේ දිවයිනට
12 October 2026
තායිලන්තයේ පැවති ලොව විශාලතම ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත රූ රැජින තරගාවලියක් වන මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් - 2026 (Miss Grand International - 2026 ) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නෙතකි ලොකුගමගේ එහි තරගකාරී රටවල් 40 අතරට ( Country Power Top - 40 ) පැමිණ , එයට හිමි ජයග්‍රහණයත් රැගෙන අද (12) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 80 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 09/19 දින සිට 10/10 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි.
ඇය මෙම ජයග්‍රහණයත් රැගෙන අද (12) දින උදෑසන 10.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
20 හැවිරිදි වියේ පසුවන නෙතකි ලොකුගමගේ මෙරට මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා රූ රැජින තරගාවලිය ජයග්‍රහණය කළ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන උපාධි අපේක්ෂිකාවකි.

