brand logo
logo
ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙන වැසි තත්ත්වයේ අඩුවීමක්

ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙන වැසි තත්ත්වයේ අඩුවීමක්

17 May 2026

කළු, කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ (16) දිනය තුළ ලැබුණු වර්ෂාපතනයේ අඩුවීමක් නිරීක්ෂණය කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 


එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවය. 


එය ඊයේ (16) දිනය තුළ ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ලැබූ ඉහළම වර්ෂාපතනය බව සඳහන්ය. 


අත්තනගලු ඔය සහ කැළණි ගඟ ආශ්‍රිත ඇතැම් ස්ථානවලට මිලිමීටර් 60ත් 70ත් අතර වර්ෂාපතයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


කෙසේ වෙතත් සෙසු ගංගා ආශ්‍රීතව මිලිමීටර් 25ට අඩු වර්ෂාපතනයක් ලැබී ඇත. 


මේ අතර අත්තනගලු ‍ඔයේ ජලය ඉහළ මට්ටමක පවතින බවත් එය මේ වනවිට අවධානම් මට්ටම දක්වා පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. 


කුඩා ගඟෙහි ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයේ පවතින බව වැඩිදුරටත් සඳහන්ය. 

 

More News..