සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔහුගේ බිරිඳගෙන් අනාවරණයක්
08 June 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔහුගේ බිරිඳගෙන් අනාවරණයක්
08 June 2026
රෝහල්ගත කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා තවමත් ආහාර ලබා නොගන්නා බව ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය පවසයි.
ඇය අද (08) සලේ සුරේෂ් සලේ මහතාව බැලීම සඳහා රෝහල වෙත පැමිණ ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළාය.
“සර් තාම කන්නේ බොන්නේ මොකුත් නෑ. එයාට අසාධ්‍යයි. වෛද්‍යවරු නම් බලනවා. සේලයින් දෙනවා. සර් කන්නේ බොන්නේ නෑ. මොකුත් කරන්නේ නැහැ. සර්ගේ උපවාසය අතාරින්නේ නෑ,” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
සුරේෂ් සලේ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යන බව පවුලේ සාමාජිකයන් පවසයි.

