brand logo
logo
තේ කලාවට වෙද නළාවක්

තේ කලාවට වෙද නළාවක්

07 August 2025 | කුමුදු විජේරත්න

තේ පානය ප්‍රබෝධමත් පානයක් පමණක්ම යයි නොසලකා එයට ඖෂධීය වටිනාකමක් අපට ලබා දිය හැකි නම් නොදැනුවත්වම අපගේ ශරීර සෞඛ්‍යට එය වැදගත් විය හැකිය. මේ නිසා දිනපතා පානය කරන තේ කෝප්පය වෙනුවට මෙම ඖෂධීය තේ පාන එක් කර ගතහැකිය. කෙසේ වෙතත් සැලකිය යුතු එක් කරුණක් ඇත. මේ සියලු පානයන්ට විවිධ වූ ඖෂධීය වටිනාකම් තිබුණද දෛනිකව පානය කිරීමේදී එකිනෙකාගේ ලෙඩ රෝග ශරීර සෞඛ්‍ය ආදී දෑ සමග සාපේක්ෂ විය හැකිය. විශේෂ රෝගාබාධවලින් පෙළෙනවා නම් වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීම වැදගත් වේ.



උළු හාල් තේ


උළුහාල්වලට වතුර කෝප්ප 2ක් දමා විනාඩි 10ක් හොඳට තම්බා ගන්න.

ඉන්පසු එය පෙරාගෙන, නිවෙන්න තබා මී පැණි දමා බොන්න.


ගුණ

තරබාරුව පාලනය කිරීම සහ ශරීරයේ බර අඩු කිරීම.

දියවැඩියාව පාලනය කිරයි.

චර්ම රෝග බැහැරකර, සම පැහැපත් කරයි.

සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් බැහැර කර සන්ධි වේදනා මැඬ පවත්වයි.



මුරුංගා කොළ තේ


මුරුංගා කොළ සෝදා මද පවනේ දවස් 4-5ක් වේළාගන්න. ඉන්පසු සිහින්ව කුඩු වෙන්න අඹරා ගන්න.


දැන් මේ මුරුංගා කුඩු තේ හැඳි 2ක් දමා ඊට උණුවතුර කෝප්ප 2ක් දමා විනාඩි 5ක් පමණ තැම්බෙන්න තබා පෙරා බොන්න.


ගුණ

ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයකි

පිළිකා අවදානම අවම කරයි

වකුගඩු පිරිසිදු කරයි

රුධිරය පිරිසිදු කරයි

තරබාරු බව අඩු කරගැනීමට සුදුසුය.



සේර තේ


සේර කොළ ටිකක් කපා සෝදා මද අව්වේ වේළ ගන්න. පසුව කොළ ටික වතුරේ තම්බා ගන්න. පොඩි සැර ගතියක් ඇති නිසා ඔබට අවශ්‍ය නම් සිනී එකතු කරගන්න.


ගුණ

සේර තේ සම සහ හිසකෙස්වල සුවය ඉහළ නංවයි.

ශරීරයේ ඇති කොලෙස්ටරෝල්, විෂ, අහිතකර මේද ඉවත් කිරීමට උපකාරී වේ.

රුධිර පීඩනය අඩු කරයි.



හීන් බෝවිටියා තේ


වියළි හීන් බෝවිටියා කොළ හෝ මල් මිටක් වතුරේ දමා විනාඩි 10ක් පමණ තම්බා ගන්න.


එය උණුසුම්ව බොන්න. එය දිනකට 1-2 වතාවක් පානය කළ හැකිය.


ආහාර දිරවීමේ සෞඛ්‍යයට සහාය වීම සඳහා හීන් බෝවිටියා ප්‍රතිකර්ම බොහෝ විට නිර්දේශ කරයි.


ස්වසන සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමෙහිලා, විශේෂයෙන්ම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇදුම වැනි ශ්වසන රෝග පාලනය කිරීමෙහිලා ගුණදායක වේ.


හීන් බෝවිටියා හි ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ බලපෑම නිසා එය ආසාදන හා රෝගාබාධවලින් ශරීරය ආරක්ෂා කිරීම සඳහා වටිනා ඖෂධයකි.



සමන්පිච්ච තේ


සමන්පිච්ච මල් කිහිපයක් මද පවනේ වේළා ගන්න. පසුව එය හොඳින් උතුරා ගත් ජලයට දමා ඊට තේ කොළ ස්වල්පයක් ද එකතුකරන්න. පසුව විනාඩි පහක් පමණ තැම්බෙන්නට තබා අවශ්‍ය නම් සීනි ස්වල්පයක් ද දමා පානය කළ හැකිය.


කොලෙස්ටරෝල් අඩු කිරීමට


නහර සහ ධමනිවල ප්‍රදාහය අඩු කිරීමට


බර අඩු කර ගැනීමට


පරිවෘත්තීය ක්‍රියාවලි වර්ධනය කිරීමට සහ පෝෂක සෑදීමට මෙය උපකාර කරයි.



ටී.එම්. නුවන්තිකා හර්ෂණී

ආයුර්වේද වෛද්‍ය (සර්වාංග)



 

More News..