කිලෝ 4ක කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් කටුනායකදි අත්අඩංගුවට
16 November 2026
කිලෝ 4ක කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් කටුනායකදි අත්අඩංගුවට
16 November 2026
රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ හතළිස් දහසක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාර්මික ශිල්පියෙකි.
සැකකරු මෙම 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ ඇති අතර, එතැන් සිට මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 179 දරන ගුවන් යානයෙන් අද (16) අලුයම 12.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ තිබූ විදේශීය මත්පැන් බෝතල් අසුරා තිබූ පෙට්ටි දෙකක මෙම 'කුෂ්' මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 384ක් වන අතර, එය පැකට් පහක අසුරා තිබී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.


