දිලිත් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
30 September 2026
දිලිත් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
30 September 2026
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නිගමනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (30) නියෝග කළේය.
කෙසේ වෙතත් මෙම නියෝගය තුළින් අධිකරණයට අපහාස නොකළ බවට ප්‍රධාන නඩුව සඳහා වන පෙත්සම්කරුගේ ස්ථාවරයට අගතියක් සිදුනොවන බවද විනිසුරු මඩුල්ල සිය නියෝගය තුළ සඳහන් කර සිටියහ.
ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ, "මහෙස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට යොමුකර තිබෙන නිගමනය අවසානාත්මක නිගමනයක් නොවේ. මහෙස්ත්‍රාත්වරයාගේ එම නිගමනය පිළිබඳව අභියාචනාධිකරණය කරුණු විමර්ශනයක් සිදුකනු ලබයි. එහිදී බැලූ බැල්මටම නඩු නිමිත්තක් පවතින බවට කරුණු තහවුරු වුවහොත් පමණක් වගඋත්තරකාර පාර්ශ්වයට සිතාසි නිකුත් කිරීම සිදුවේ. ඒ අනුව 2024 අංක 08 දරණ අධිකරණ ආයතනවලට අපහාස කිරිම පිළිබඳ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මහෙස්ත්‍රාත්වරයාට මෙවැනි නිගමනයක් යොමු කිරීමට හැකියාවක් පවතී."
ඒ අනුව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ පෙත්සම තුළ බැලූ බැල් බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළහ.
කෙසේ වෙතත් මෙම නියෝගය තුළින් අධිකරණයට අපහාස නොකළ බවට ප්‍රධාන නඩුව සඳහා වන පෙත්සම්කරුගේ ස්ථාවරයට අගතියක් සිදුනොවන බවද විනිසුරු මඩුල්ල කියා සිටියහ.
මේ අතර අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ද අද ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංග නවරත්න, මහින්ද පතිරණ, සුගීශ්වර බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්රි, මනෝහර ද සිල්වා , වී.කේ. චොක්සි යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාසි නිකුත් කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල තුළ බැලූ බැල්මටම නඩු නිමිත්තක් නොමැති බව අවධාරණය කළේය.
එබැවින් මහෙස්ත්‍රාත්වරයාගේ නිගමනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සිය සේවාදායකයින්ගේ කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසත් එම ජනාධිපති නීතිඥවරු ආධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් මෙම නඩුකරයේදී අධිකරණයට සහාය වෙමින් කටයුතු කරන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට පාදක වන සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සියල්ල මීළඟ නඩු දිනයට පෙර අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.
ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 07 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

