brand logo
logo
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි

13 September 2026


වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා තිබේ.


සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 06 වැනි දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,567,007කි.


මේ අතර සැප්තැම්බර් මස 01 වැනි දින සිට 6 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයින් 31,885ක් බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.


වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 395,377කි.


මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 152,625ක්, චීනයෙන් 102,473, ජර්මනියෙන් සංචාරකයින් 91,763ක්ද මෙරටට පැමිණ තිබේ.


සැප්තැම්බර් මාසයේ මුල් දින 6 තුළද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 9,897ක් පැමිණ තිබේ.

 

More News..