නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය යාවත්කාලීන කරයි
26 May 2026
නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය යාවත්කාලීන කරයි
26 May 2026
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (25) දින නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට අදියර එක සහ දෙක යටතේ අනතුරු ඇඟවීමට එම සංවිධානය පියවර ගෙන ඇති අතර එය හෙට (27) පස්වරු හතර දක්වා වලංගු වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අදියර එක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටය.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙය බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, නිවිතිගල, පැල්මඩුල්ල, කිරිඇල්ල සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම අනතුරු ඇඟවීම් බලාත්මක වන බව සඳහන්ය.

