සෞඛ්‍ය කාර්ය සහායකයින් 436කට පත්වීම් ලිපි ප්‍රදානය ලබන 11 වැනිදා
09 October 2026
සෞඛ්‍ය කාර්ය සහායකයින් 436කට පත්වීම් ලිපි ප්‍රදානය ලබන 11 වැනිදා
09 October 2026
ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබේ.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සඳහා රජය ගෙන යන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරේ.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ලබන 11 පෙරවරුවේ මරදාන ටවර් පරිශ්‍රයේ දී මෙම ලිපි ප්‍රදානය කිරිමට නියමිතය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වසරේ රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) ||| වන ශ්‍රේණිය සඳහා අදියර 03ක් යටතේ 1,989 ක් බඳවා ගැනීමට කටයුතු කරන ලදී.
එම පත්වීම්ලාභීන්ගෙන් සේවයට වාර්තා නොකළ, පත්වීම් බාර නොගත් සහ සේවය අතහැර ගිය පිරිසක් වන බැවින් එම පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම සිදු කෙරේ.

