brand logo
logo
ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරිම්වල ඉහළට

ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරිම්වල ඉහළට

23 July 2026

ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරිම්වල ඉහළට පැමිණ තිබේ.


ඒ අනුව 2026 හෙන්ලි, ගමන් බලපත්‍ර දර්ශකයේ 94 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ඉහළට පැමිණ ඇති බව වාර්තා වෙයි.


2025 සහ 2024 වර්ෂයේ එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 96 වන ස්ථානය යි.


ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය අදාළ දර්ශකයේ 2021 වර්ෂයේ දී 107 වන ස්ථානයේ පසු අතර 2022 වර්ෂයේ 102 වන ස්ථානයේත් 2023 වර්ෂයේ සිය වන ස්ථානයේත් පසුවුණි.


වීසා බලපත්‍ර රහිතව ප්‍රවේශ වීමේ හැකියාව මත පදනම්ව ගමන් බලපත්‍රවල බලය සහ අන්තර්ජාතික සංචරන හැකියාව පිළිබඳ ගෝලීය සන්සන්දනයට අනුව මෙම දර්ශකය සකස් කර තිබේ.


මෙම දර්ශකයේ පෙරමුණ ගැනීමට සිංගප්පූරු ගුවන් ගමන් බලපත්‍රය සමත්ව ඇති අතර ජපානය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර සඳහා දෙවන ස්ථාන හිමි ඇති බව වාර්තා වේ.


හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව අෆ්ගනිස්ථානය අවසන් ස්ථානයේ රැඳී සිටියි.


 

More News..