brand logo
logo
අද කාලගුණය

අද කාලගුණය

17 July 2026

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (17) දිනයේ ස්වල්ප වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවයි.


මේ අතර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං ඇති විය හැක බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

 

More News..