වැලිගම වෙඩිතැබීමට සැකකරුවන්ව අත්අඩංගුවට නොගන්න
16 March 2025
වැලිගම වෙඩිතැබීමට සැකකරුවන්ව අත්අඩංගුවට නොගන්න
16 March 2025
අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසටත් නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි.
වැලිගම ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකට අදාළ සැකකරුවන් වශයෙන් ධුරයේ රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කර තිබුණි.