මෙවර පොහොර සහනාධාර මුදල එකවර ගොවීන්ගේ ගිණුම් වෙත
04 April 2026
මෙවර පොහොර සහනාධාර මුදල එකවර ගොවීන්ගේ ගිණුම් වෙත
04 April 2026
මෙවර පොහොර සහනාධාර මුදල එකවර ගොවීන්ගේ ගිණුම් වෙත බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ඔහු පැවසුවේ හෙක්ටයාර් දෙකකට රුපියල් පනස් දහසක් ලබාදෙන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙවර කන්නය සඳහා යුරියා මෙට්‍රික් ටොන් අසූ දහසක් පමණ අවශ්‍ය වෙතැයි අපේක්ෂා කරන බවයි.
යල කන්නයට පොහොර ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලත් විවෘතව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පැවසුවේ, යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවීන් වෙත පොහොර ලබාදීමේ කටයුතු විධිමත් පරිදි ඉටු කිරීම සඳහා සියලු නිවාඩු දිනවල සහ සති අන්තයෙත් අදාළ ප්‍රදේශයන්හි ගොවිජන සේවා මධ්‍යස්ථාන විවෘතව පවතින බවයි.

