වසර 13කට පෙර සිදුවූ පුද්ගල ඝාතනයකට දෙදෙනෙකුට මරණීය දණ්ඩනය
20 November 2026
වසර 13කට පෙර සිදුවූ පුද්ගල ඝාතනයකට දෙදෙනෙකුට මරණීය දණ්ඩනය
20 November 2026
2013 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයකට අදාළව විත්තිකරුවන් දෙදෙනෙකුට බලපිටිය මහධිකරණය විසින් ඊයේ (19) මරණීය දණ්ඩනය ලබාදී ඇත.
මීටියාගොඩ, කලූපේ ප්‍රදේශයේදී 2013 වර්ෂයේ ජුනි මස 17 වනදා හෝ ආසන්න දිනකදී කළුවාහන්දි දීපාල් වීරරත්න නමැති අයට පෞද්ගලික ආරවුලකදී පොල්ලකින් ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණි.
එම ඝාතනය සඳහා චූදිතයන් වූ හික්කඩුව කළුපෙ පදිංචි වයස අවුරුදු 51ක්වූ අප්පුවාහන්දි අජිත් හෙවත් 'පොට්ට කිරා' සහ කොරට්ටගොඩ පදිංචි 41ක් හැවිරිදි ලද්දු අමිත් යන අයට එරෙහිව විභාග වූ නඩුව අවසන් කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් මෙම තීන්දුව ලබාදී ඇත.
රජයේ අධිනීතීඥ සෙනුරි ගුණතිලක මෙනෙවිය විසින් පැමිණිල්ල මෙහෙය වූ අතර, එවකට මීටියාගොඩ පොලිසියේ සේවයකළ පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත විසින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කරන ලදී.
මරණීය දණ්ඩනය ලැබූ දෙදෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමට නියමිතය.


