බේබියා වැවෙත් වන අලි මළ සිරුරක්
21 October 2026 | සුසිල් කරුණාතිලක-ම්න්නේරිය
බේබියා වැවෙත් වන අලි මළ සිරුරක්
21 October 2026 | සුසිල් කරුණාතිලක-ම්න්නේරිය
පොළොන්නරුව දිස්ත්රීක්කයට අයත් මැදිරිගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි බේබියා වැව තුළ මිය ගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් ප්රදේශවාසීන් අද (21) උදෑසන සොයා ගෙන ඇත.
මැදිරිගිරිය බේබියා වැවේ ධීවර කටයුතු වල නිරත පිරිසක් විසින් මෙම වන අලියා වැවෙහි ජලයේ මිය ගොස් වැටී සිටිනු දැක ඇති අතර පසුව ඔවුන් ඒ පිලිබදව මැදිරිගිරිය වනජීවී නිලධාරී කාර්යාලය දැනුවත් කර ඇත.
සෝමාවතිය වන රක්ෂිතය තුළ සැරිසැරූ මෙම වන අලියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මිය ගිය වන අලියාගේ මළ සිරුර මේවනවිට බේබියා වැව තුල පවතින අතර මෙම අලියාගේ මෘත ශරීරය සම්බධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද ගිරිතලේ වනජීවි පශු වෛද්ය ඒකකයේ නිළධාරීන් විසින් සිදු කිරීමට නියමිතව තිබිණි .
මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු මැදිරිගිරිය වනජීවී කාර්යාලය හා මී ගස් වැව පොලීසිය එක්ව සිදු කරගෙන යනු ලබයි.

